Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.ඒ මහතා මාස 3ක කාලයක් වැඩ බලන පොලිස්පති තනතුරෙහි කටයුතු කළේය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ.(1) හා 61 ඉ.(ආ) වන ව්‍යවස්ථාවන්හි විධිවිධාන ප්‍රකාරව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම සිදු කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් සඳුද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පිළිගැන්වීය.

Exit mobile version