Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳ මහ බැංකුවෙන් නිවේදනයක්

මහ බැංකුවේ වැටුප් සමාලෝචනයට ජනපතිගෙන් කමිටුවක්

මහ බැංකුවේ වැටුප් සමාලෝචනයට ජනපතිගෙන් කමිටුවක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය මණ්ඩලයේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් එම බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය මණ්ඩලයේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පළකළ අදහස් පිළිබද පළවූ මාධ්‍ය වාර්තා පාදක කර ගනිමිනුයි එම නිවේදනය නිකුත්කර ඇත්තේ.

කාර්ය මණ්ඩල වැටුප් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ වෘත්තීය සමිති හා පාලන අධිකාරිය අතර වසර තුනක සාමූහික ගිවිසුමක් යටතේ පාලන අධිකාරියේ අනුමැතිය හිමිවූ බව එම නිවේදනයේ සදහන්.

2024 / 2026 සදහා මෙම වැටුප් ඉහළ දැමීම සිදුකර තිබෙනවා.

පසුගිය 21 වන දින පැවති පාලක මණ්ඩල රැස්වීමේ දී වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සදහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක් ලබාගන්නා ලෙස මහ බැංකු අධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.

පසුව 22වන දින මහ බැංකු අධිපතිවරයා ජනාධිපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් සිදුකළ බවද එම නිවේදනයේ සදහන්.

ඒ සදහා අවස්ථාව ලැබුණු වහාම සුදුසු පාර්ලිමේන්තු කාරක සභාවක් හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මහ බැංකුවේ ස්ථාවරය පැහැදිලි කිරීම සිදුකරන බවයි මහ බැංකු නිවේදනයේ සදහන් වන්නේ.

Exit mobile version