Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෙලි කජු ආනයනයට කැබිනට් අනුමැතිය

ලෙලි කජු ආනයනයට කැබිනට් අනුමැතිය

ලෙලි කජු ආනයනයට කැබිනට් අනුමැතිය

ඉදිරි වසර හතරක කාලයේදී දේශීය කජු අස්වැන්න නොලැබෙන දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාල සීමාවේදී ලෙලි කජු ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි.

මෙරට වාර්ෂික ලෙලි කජු අවශ්‍යතාවය මෙට්‍රික්ටෝන් 25000ක් පමණ නමුත් දැනට දේශීය වශයෙන් සපයා ගත හැක්කේ මෙට්‍රික් ටොන් 12500ක් බව රජය පවසයි.

පසුගිය කන්නයේ අපේක්ෂිත අස්වැන්න නොලැබීම හේතුවෙන් මෙරට කජු කර්මාන්තයේ පැවැත්මට බෙහෙවින් අවාසිදායක තත්වයක් ඇතිවී තිබෙන බවත් මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම වර්ෂය සඳහා උපරිම වශයෙන් ලෙලි කජු මෙට්‍රික් ටොන් 15000ක් ආනයනය කිරීමටත් ඉන් අනතුරුව අදාල අමාත්‍යංශ වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් තීරණය කරනු ලබන ලෙලි කජු ප්‍රමාණය ඉදිරි වසර හතරක කාලයේදී දේශීය කජු අස්වැන්න නොලැබෙන දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාල සීමාවේදී ආනයනය කිරීමටත් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Exit mobile version