Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අනුර කුමාර ඉන්දීය විදේශ ඇමති, ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශක හමුවෙයි

අනුර කුමාර ඉන්දීය විදේශ ඇමති, ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශක හමුවෙයි

අනුර කුමාර ඉන්දීය විදේශ ඇමති, ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශක හමුවෙයි

ඉන්දියාවේ නිල සංචාරයක සහභාගි වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා (05) පෙරවරුවේ ඉන්දියානු විදේශ අමාත්‍යාංශයේදී ඉන්දියානු විදේශ ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා හමුවිය.

එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් දෙපාර්ශවය අතර අනෝන්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කළ බවත් ජාතික ජන බලවේගය පැවසීය.

මෙම ඉන්දීය සංචාරය සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් යන මහත්වරුද සහභාගි වූහ.

මේ අතර අනුර කුමාර දිසානායක මහතා (05) පස්වරුවේ ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිට් ඩොවාල් මහතා හමුවිය. මෙම හමුව සර්දාර් පටෙල් භවාන්හිදී පැවැත්විණි.

මෙම හමුවේදී කලාපීය ආරක්ෂාව පිළිබඳව සහ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශවීය සබඳතා පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළ බව ජාතික ජන බලවේගය පැවසීය.

මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ද සහභාගි විය.

Exit mobile version