Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ප්ලාස්ටික් නිසා ඛේදනීය තත්ත්වයක පත්වී ඇති Hermit කකුළුවන්

ප්ලාස්ටික් නිසා ඛේදනීය තත්ත්වයක පත්වී ඇතිට Hermit කකුළුවන්

ප්ලාස්ටික් නිසා ඛේදනීය තත්ත්වයක පත්වී ඇතිට Hermit කකුළුවන්

ලොව පුරා සිටින Hermit කකුළුවන්, තම සිරුරට ආරක්ෂාවක් ලෙස යොදා ගන්නා Shells (කට්ට) වෙනුවට ප්ලාස්ටික් අපද්‍රව්‍ය වෙත වැඩි වැඩියෙන් යොමු වීම ඛේදවාචකයක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වනජීවී රසිකයින් විසින් ගෙන අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත්කර ඇති ඡායාරූප විශ්ලේෂණයෙන් පසුව මෙම නිගමනයට එළඹී ඇති බවයි සඳහන් වන්නේ.

සාමාන්‍යයෙන් Hermit කකුළුවන් ඔවුන්ගේ කට්ට නිර්මාණය කර නොගන්නා අතර වෙනත් සතුන් විසින් භාවිතා කරන ලද පැරණි කටු ඔවුන් තමන්ගේ කටුව ලෙස යොදාගනු ලබනවා.

සත්ත්ව විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා සත්ත්වයින්ගේ ජීවන රටාව මෙලෙසින් වෙනස් වීම ඛේදනීය තත්ත්වයක් බවයි.

ඔවුන් පැවසුවේ Hermit කකුළු විශේෂවලින් තුනෙන් දෙකක් පමණ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඔවුන්ගේ කටුව ලෙස රඳවාගෙන ඇති බවයි.

මෙම සොයාගැනීම Science of the Total Environment නම්වූ සඟරාවේ පළ කර තිබෙනවා.

ගණනය කිරීම්වලට අනුව, ලෝකයේ ගොඩබිම් කකුළුවන් විශේෂ 16න් දහයක්ම මෙවැනි ප්ලාස්ටික් කටු භාවිතා කිරීමට යොමුවී ඇති බව සඳහන්.

එමෙන්ම ලොවපුරා සියලුම නිවර්තන කලාපවලින් මෙම තත්ත්වය නිරීක්ෂණය වී ඇති බවයි පරිසර විද්‍යාඥයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Exit mobile version