Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සොයා බැලිය යුතුම දුෂණ වංචා රැසක් සම්බන්ධයෙන් රජය නිහඬයි – සජිත්

දූෂණ වංචා රැසක් සම්බන්ධයෙන් රජය නිහඬයි - සජිත්

දූෂණ වංචා රැසක් සම්බන්ධයෙන් රජය නිහඬයි - සජිත්

සීනි බදු වංචාව ඇතුළු දූෂණ වංචා රැසක් සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිම පියවරක් ගෙන නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී (24) පැවසීය.

විපක්‍ෂනායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රශ්නයක් මතු කරමිනි.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද සඳහන් කළේය.එය පහතින්

“ආණ්ඩුව සීනි බද්ද රුපියල් පනහ සති විසිපහ දක්වා අඩු කළා. සීනි අල්ලස් ක්‍රියාදාමය හරහා රජයට කෝටි 1600ක් නැති වුණා. එම විගණන වාර්තාව කෝපා කමිටුවට ඉදිරිපත් වුණා. එම වාර්තාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර මාස දාසයකට වැඩි කාලයක් ගතවෙලා ඉවරයි.

සැහැල්ලු දුම්රිය තර්ක තර්කානුකූල පදනමකින් තොරව නතර කිරීම නිසා රජයට රුපියල් මිලියන දස දහසක පාඩුවක් සිදුව ඇති බව විශේෂ විගණන වාර්තාවේ සඳහන් වෙනවා. මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර වසරකට අධික කාලයක් ගතවෙනවා. පාර්ලිමේන්තු කමිටු හමුවේ මේක සලකා බැලුණේ නැහැ.

එසේ නොකළේ ඇයි. මේ මෝඩ තීන්දුව ගත්තේ කවුද. මේ තීන්දුව නිසා ජපන් රට අදටත් අපි සමග ඉන්නේ හොඳින් නොවෙයි.

අසූචි පොහොර ගනුදෙනුවට කවුද සම්බන්ධ? ඒ සඳහා වූ පාඩුව පියවා ගැනීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? නැනෝ නයිට්‍රජන් පොහොර බෝතලයක් අඩුවට ලබාගන්න පුළුවන්කම තියෙද්දී ඇමරිකානු ඩොලර් 12 කට මිලදී ගත්තේ ඇයි?. මේ නිසා රජයට සිදුවූ පාඩුව කොපමණද? යන්න ගණනය කර තිබේද. මෙම විගණන වාර්තාව කෝප් හා කෝපා කමිටු හමුවේ සලකා බලන්නේ කවදාද? මේ සඳහා වගකිවයුතු පාර්ශ්ව කවරේද?”.

Exit mobile version