Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉරානය “සෝරායා” චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කරයි

ඉරානය "සෝරායා" චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කරයි

ඉරානය "සෝරායා" චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කරයි

ඉරානය සෝරායා චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කළ බව එරට මාධ්‍ය නිවේදනය කරනවා.

ඉරානය නව චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමත් සමඟ එරටේ න්‍යෂ්ටික බලය සම්බන්ධයෙන් බටහිර රටවල දැඩි අවධානය යොමුව ඇති බව විදෙස් විශ්ලේෂකයින් පවසනවා.

සිවිල් ඉරාන අභ්‍යවකාශ ඒජන්සියේ පර්යේෂණ අංශය නිර්මාණය කළ මෙම චන්ද්‍රිකාව පෘථිවියේ සිට කිලෝමීටර් 750ක දුරින් කක්ෂගතකර තිබෙනවා. එය ඉරානය කක්ෂ ගතකළ වැඩිම දුර ලෙසද සැලකෙනවා.

චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීම සදහා ඉරානය දිගුදුර බැලැස්ටික් තාක්ෂණය යොදාගන්නට ඇති බවයි ඇමෙරිකාව අනාවැකි පළකරන්නේ.

එමෙන්ම එම තාක්ෂණය යොදා ගනිමින් ඉරානය න්‍යෂ්ටික ප්‍රහාරයන් සැළසුම් කිරීමේ අවදානමක් පවතින බවද ඔවුන් පෙන්වා දෙනවා.

Exit mobile version