Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලිට්‍රෝ ගෑස් හි රජයේ අයිතිය විකිණීම සඳහා ලංසු කැඳවයි

ලිට්‍රෝ ගෑස් හි රජයේ අයිතිය විකිණීම සඳහා ලංසු කැඳවයි

ලිට්‍රෝ ගෑස් හි රජයේ අයිතිය විකිණීම සඳහා ලංසු කැඳවයි

රජය විසින් ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා පුද්ගලික සමාගම යන සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා අභිලාෂ කැඳවීමට තීරණය කර ඇත.

ඒ අනුව මේ සදහා උනන්දුවක් දක්වන පිරිස්වලට ශ්‍රී ලංකා රජය ආරාධනා කර සිටියි.

රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයට අනුව, මෙම ක්‍රියාවලිය 2024 ජනවාරි 16 සහ 2024 ජූලි මුල අතර සිදු වීමට නියමිතය.

ලංසු ඉදිරිපත් කිරීමේ අවසාන දිනය 2024 පෙබරවාරි 16වන දින පස්වරු 02.00 වන අතර කෙටි ලැයිස්තුගත ලංසුකරුවන් තෝරා ගැනීම මාර්තු මස මුලදී සිදු කෙරෙන බව රජයේ ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරිමේ ඒකකය පැවසීය.

ඒ අනුව ලංසු ඇගයීම සහ සාර්ථක ලංසුකරුවෙකු තෝරා ගැනීම 2024 ජුනි මැද භාගයේදී සැලසුම් කර තිබේ.

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් හි සියයට 99.936%ක කොටස් හිමිකාරීත්වය සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගමේ සියයට 100%ක කොටස් හිමිකාරීත්වය රජය සතුව වේ.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු පහත Link එකෙන් ගොස් පරිශිලනය කළ හැකිය.
https://www.treasury.gov.lk/web/sru-entities-to-be-divested/section/litro-gas-lanka

Exit mobile version