Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රතු මුහුදේ සදාම් හුසේන් වන්නට නියමිත රනිල්

ඊශ්‍රායලයට අයිති සහ ඊශ්‍රායලයෙන් හෝ ඊශ්‍රායලය වෙත ගමන් කරන නැව් ගමනාගමනයට රතු මුහුදේ බාධා වීමේ ඇති මේ මොහොතේ, ශ්‍රී ලංකාවේ නාවික හමුදාව යොදා යේමනය සමග යුද්ධ කිරීමට ඇමරිකාව මාන බලමින් සිටී. ශ්‍රී ලංකාව එම යුද්ධයට සම්බන්ධ වුවහොත් ශ්‍රී ලංකාව වෙත එන සහ ශ්‍රී ලංකාවෙන් පිටවන නැව් ගමනාගමනයටද බාධා ඇති විය හැක. ශ්‍රී ලංකාවේ ඇති දරුණු බී ලූණු හිඟයට තුර්කියෙන් ලූණු ආනයනය කිරීමට උත්සාහ දරමින් සිටින මෙවන් අවස්ථාවක මෙම අනවශ්‍ය යුද්ධය නිසා බී ලූනු පමණක් නොව අප රටින් යුරෝපයට කෙරෙන රෙදි පිළි අපනයනයට පවා බාධා පැමිණිය හැක.

ශ්‍රී ලංකාව ඉදිරිපත් වී කරන මෙම යූද්ධයේ බරපැන දරන්නේ කවුරුන්ද යන ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් තවමත් නැති අතර එක්දහස් නවසිය හැත්තෑව දශකයේ ඇමරිකාවේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඉරානය සමඟ යුද්ධයට පැටලුණු ඉරාකයේ යුද වියදම් පියවන්නට ඇමරිකාව හෝ වෙන කිසිදු රටක් ඉදිරිපත් වූයේ ද නැත. එම හේතුන් නිසා ඇති වූ බරපතළ ආර්ථික අවපාතයෙන් මිදීමට එකම විකල්පයක් ලෙස කුවේට් හි තෙල් නිදි ආක්‍රමණය කිරීමට ඉරාකයට සිදුවූ අතර, ඉරාකයේ හමුදා බලය හීන කිරීමට මෙය කදිම අවස්ථාවක් කරගනිමින් ඇමරිකාව ඉරාකයට ප්‍රහාර එල්ල කළේය.

ඇමරිකාවේ අවශ්‍යතාවයන් වෙනුවෙන් මෙසේ අතින් වියදම් කරමින් ලෝක යුද්ධයක ආසන්නයේ තිබෙන යුද්ධයක ශ්‍රී ලංකාව පැටලීම නිවැරැදි කළ නොහැකි ඉතිහාසගත වැරදි තීරණයක් වීම නොඅනුමානයි.

Exit mobile version