Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්ධන අළෙවිය 50% කින් පහළට – ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය

CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කරයි

CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කරයි

ඉන්ධන මිල අඩු මුදලක පැවැති උත්සව සමයෙන්ට සාපේක්‍ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන අළෙවිය සියයට 40ත් 50ත් අතර ප්‍රතිශතයකින් පහළ බැස ඇති බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා (28) පැවසීය.

සමස්තයක් ලෙස ගත්විට සාමාන්‍ය දිනවලද ඉන්ධන අළෙවිය ඉන්ධන මිල අඩු මුදලක පැවැති කාලයට සාපේක්‍ෂව සියයට 40කින් පමණ පහළ ගොස් ඇති බව කී ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා ඉන්ධන මිල ඉහළ යෑම නිසා ජනතාව ගමන් බිමන් සීමා කිරීම සහ වැඩි වශයෙන් පොදු ප්‍රවාහන පාවිච්චි කිරීම මෙයට හේතු වී ඇති බව සඳහන් කළේය.

පිරවුම්හල්වල ඉන්ධන තොග රඳවාගත්තද අළෙවිය පහළ මට්ටමක පවතින බව කී ඒ මහතා පැවසුවේ අළෙවි පහළ ගියද ඉන්ධන පිරිවුම්හල් හිමියන් විදුලි බිල සහ සේවක වැටුප් ආදි වියදම් අනිවාර්යෙන්ම දැරිය යුතු බවත්ය.

මෙම තත්වය හේතුවෙනන් බස්නාහිර පළාතෙන් පිටත ඉන්ධන පිරවුම්හල් හිමියන් බොහෝමයක් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් ඒ හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් වැසී යෑමේ අවදානමක් ඇති බවත් ඒ මහතා කීය.

Exit mobile version