Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අක්කර බදු අයකිරීම අත්හිටුවීමට රජය තීරණය කරයි

කෘෂිකාර්මික පිළිවෙත් සඳහා පොදු ලාංඡනයක් හඳුන්වා දීමට බලයලත් ඒකකයක්

කෘෂිකාර්මික පිළිවෙත් සඳහා පොදු ලාංඡනයක් හඳුන්වා දීමට බලයලත් ඒකකයක්

කෘෂිකාර්මික ඉඩම් සඳහා අය කෙරෙන අක්කර බදු අය කිරීම අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අක්කර බදු ලෙස සැලකෙන්නේ කෘෂිකාර්මික ඉඩම් සඳහා අක්කරයකට රුපියල් සියයක් බැගින් අය කරගන්නා බදු මුදලකි. මෙම බදු මුදල් සංවර්ධන නිලධාරීන් මගින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අය කර ගෙන රාජ්‍ය ආදායමට බැර කරනු ලබයි.

අක්කර බදු තවදුරටත් අය කළ යුතු නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සඳහන් කළ බව අමාත්‍යවරයා කීය.

මෙම බදු මුදල අය කිරීම මගින් ලැබෙන ආදායමට වඩා වැඩි මුදලක් ඒවා එකතු කිරීමට රජයට වැය කිරීමට රජයට සිදු වී තිබූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එමනිසා ඉදිරියේ දී අක්කර බදු අය කිරීම මුලුමනින්ම අතිහිටුවීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය. අක්කර බදු අය කිරීම මගින් රජයට අහිමි වන මුදල රුපියල් බිලියනයකි.

Exit mobile version