Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හමුදා ප්‍රධානීන් පිරිසකට සංග්‍රහ කිරීම වෙනුවෙන් දින 5ට රුපියල් 11,50,000/-ක්

2023 මුල් මාස දහයට මනුෂ්‍ය ඝාතන 488ක්

2023 මුල් මාස දහයට මනුෂ්‍ය ඝාතන 488ක්

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයට පැමිණි හමුදා ප්‍රධානීන් පිරිසකට සංග්‍රහ කිරීම වෙනුවෙන් දින පහකට රුපියල් එකොළොස් ලක්ෂ පනස් දහසකට ආසන්න මුදලක් පසුගිය 2022 වර්ෂයේදී වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් වියදම් සීමා කරන ලෙස මහ භාණ්ඩාගාරය නිකුත් කර ඇති චක්‍රලේඛයට පටහැනිව මෙම මුදල ගෙවා තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

මෙම සංග්‍රහ වියදම් දරා ඇත්තේ එම මාණ්ඩලික විද්‍යාලයේ කටයුතු පරික්ෂා කිරීම සඳහා පැමිණි ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික නිලධාරී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙනුවෙන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර එම විද්‍යාලය සඳහා රුපියල් කෝටි 13 කට වැඩි මුදලක් වැය කර ඉදි කරන ලද සිවු මහල් පුස්තකාල සහ විභාග ශාලා ගොඩනැගිල්ලේ ජල කාන්දු ගැටලුව නිවැරදි කිරීම සඳහා 2019 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වාම නොහැකිව තිබූ බව එම වාර්තාව සඳහන් කරයි.

Exit mobile version