Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහවිරු සැමරුම් ගැන පොලිස්පති සහ TID ප්‍රධානියාගෙන් ප්‍රතිඥාවක්

ඔක්තෝම්බර් 11 සිට පොලිස් මහජන සහන මැදිරිය යළිත්

ඔක්තෝම්බර් 11 සිට පොලිස් මහජන සහන මැදිරිය යළිත්

ඉදිරි දිනවල උතුරු නැගෙනහිර ප්‍රදේශවල නීතිවිරෝධී ලෙස පැවැත්වීමට නියමිත “මහවිරු සැමරුම්” උත්සව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා (24) අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදුන්නේය.

එහිදී ඔවුන් ප්‍රතිඥා දී ඇත්තේ සාමාන්‍ය නීතිය හා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවටය.

මේ මස 27 වනදා සිට උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිත නීතිවිරෝධී මහවිරු සැමරුම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි නියෝග කරන මෙන් ඉල්ලා යුද හමුදාවේ විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරියෙකු ඉදිරිපත් කළ පෙත්සමක් (24) කැඳවීය.

එම අවස්ථාවේදී පොලිස්පතිවරයා සහ ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි ඡ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා මෙම ප්‍රතිඥාව ලබාදුන්නේය.

Exit mobile version