Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අම්බුළුවාවේ කෝටි 17ක දැවැන්ත මූල්‍ය වංචාවක්

අම්බුළුවාව පාරිසරික කලාපයේ ගැටලුව විමසීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා වත්මන් රජයත් ඒ සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුමට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. නමුත් ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබාදීමට පසුගිය රජයන්ට හැකියාවක් ලැබුණේ නැහැ. වැඩි වන ජනගහනය හේතුවෙන් මිනිසා අලි ඇතුන්ට හිමි වාසස්ථාන උදුරා ගැනීම නිසාත් අලි ඇතුන් ගමන් කරන කොරිඩෝවන් දිගේ ජනාවාස ඉදිකිරීම නිසාත් මේ අලි මිනිස් ගැටුම තවත් උස්සන්න වන්න පටන් ගෙන තිබෙනවා. මේ සඳහා කලින් කලට විසඳුම් රැසක් ඉදිරිපත් කෙරුණා. ඒ අතර විදුලි වැටවල් ඉදි කිරීම ,අලි ගම්වදින ස්ථානවල අගල් කැපීම ,සිග්සැක් ක්‍රමයට තල් වැටවල් ඉදිකිරීම ,එම මංකඩවල් වල පතොක් වැනි කටු සහිත භෝග වගා කිරීම උදාහරණ ලෙස දක්වන්නට පුළුවන්. මේ සඳහා ලංකාවේ බහුලව භාවිත කෙරුණේ අලි ගම්වදින ස්ථානවල විදුලි වැටවල් ඉදිකිරීමයි. මේ සඳහා යන වියදම අධික වීම නිසාත් නැවත නැවත ප්‍රතිසංස්කරණ කිරීම සඳහා විශාල ලෙස මුදල් වැය කිරීමට සිදුවීම අසීරුවීම නිසාත් ,මෙය ස්ථිර විසඳුමක් බවට පත්වුණේ නැහැ. අලි ඇතුන් බුද්ධියෙන් වැඩි සත්ත්ව කොට්ඨාසයක් වීම නිසා පිටතින් කොට ගෙනවිත් විදුලි වැටවල් වලට දමා විදුලිය ආක්‍රිය වූ පසු එම ස්ථානවලින් නිරූපදිතව ගමන් කිරීමට ඉගෙන ගන්නට ඔවුන්ට වැඩි කලක් ගත වුනේ නෑ. අලි මිනිස් ගැටුම විසඳීමට වත්මන් රජය දැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරමින් සිටිනවා. පරිසරවේදීන්ට අනුව අලි ඇතුන් යනු ජාතික වටිනාකමකින් යුත් සත්ත්ව විශේෂයක් . අලි මිනිස් ගැටුමින් පීඩාවට පත්ව සිටින ජනතාවට අනුව අලි ඇතුන් යනු තම භෝග වගාවන් විනාශ කරන මරණය කැන්ඳාගෙන එන බිය උපදවන ව්‍යසනයක්.

අම්බුළුවාව පාරිසරික කලාපයේ ගැටලුව විමසීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා

පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කර තිබෙන අම්බුලුවාව ජාත්‍යන්තර ආගමික මධ්‍යස්ථානයේ කෝටි 17ක දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුවී ඇතැයි විගණන වාර්තාවකින් තහවුරු වී තිබෙන බව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

2009 අංක 14 දරණ අම්බුලුවාව ජාත්‍යන්තර ආගමික මධ්‍යස්ථානය හා ජෛව විවිධත්ව පනත යටතේ මෙම මධ්‍යස්ථානය පාර්ලිමේන්තුවේ සම්මත වී ඇතැයි විජේසිරි මහතා කීය.

2021 විගණන වාර්තාවෙන් අදාල මූල්‍ය වංචාව ගැන තහවුරු වී ඇතැයි කී විජේසිරි මහතා ඇතුලත් වීමේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී මෙන්ම විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව වාහන දෙකක් මිලියන 7.5 කට විකිණීම මෙන්ම ගෙවීම් අනුමත නොකළ වවුචර් 52ක ලක්ෂ 55ක් ආගිය අතක් නැතැයි ද සඳහන් කළේය.

බෞද්ධ මධ්‍යස්ථානය නමින් තමන්ගේ දේශපාලන කටයුතු කරනවා මේවා කියන්නේ කාටදැයි චමින්ද විජේසිරි මහතා එහිදී ප්‍රශ්න කළේය.

Exit mobile version