Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බංගලාදේශයෙන් මෙරටට ඇ. ඩො 58000ක් වටිනා ඖෂධ ආධාර; තවත් ඇ. ඩො මිලියනයක් වටිනා ඖෂධ ආධාර තොගයක් ඉදිරියේ දී

බංගලාදේශයෙන් මෙරටට ඇ. ඩො 58000ක් වටිනා ඖෂධ ආධාර; තවත් ඇ. ඩො මිලියනයක් වටිනා ඖෂධ ආධාර තොගයක් ඉදිරියේ දී

බංගලාදේශයෙන් මෙරටට ඇ. ඩො 58000ක් වටිනා ඖෂධ ආධාර; තවත් ඇ. ඩො මිලියනයක් වටිනා ඖෂධ ආධාර තොගයක් ඉදිරියේ දී

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ශ්‍රී ලංකා බංග්ලාදේශ මහ කොමසාරිස් (H.E) Tareq Md Ariful Islam මහතා අතර හමුවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.

එහිදී ඇමරිකානු ඩොලර් 58000ක් වටිනා ඖෂධ ආධාර තොගයක් ඉදිරි සතිය තුළදී මෙරටට ලැබෙන බව අනාවරණය විය.

ඒ අතර මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54ක් වන බවත්, විශේෂයෙන් පිළිකා හා වකුගඩු ඖෂධ මේ අතර ප්‍රධාන වන බවත් ශ්‍රී ලංකා බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා පැවසීය.

මෙම ඖෂධ ආධාර තොගයට අමතරව බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යංශය හරහා ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා තවත් ඖෂධ ආධාර තොගයක් ඉදිරියේ දී ලැබීමට නියමිත බවත් මහ කොමසාරිස්වරයා එහි දී පැවසීය.

ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් මෙම ඖෂධ ප්‍රදානයන් සඳහා අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් බංග්ලාදේශ මහ කොමසාරිස්වරයාටත්, බංග්ලාදේශ රජයටත් විශේෂ ස්තුතිය පිරිනමන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

මේ අතර පවතින ඖෂධ හිඟයට පිළියමක් වශයෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකා රජය හා බංග්ලාදේශ රජය අතර ඖෂධ ලබා ගැනීම සම්බන්ධයෙන් වන රාජ්‍ය මට්ටමේ දිගු කාලීන වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාවද මෙහි දී වැඩි දුරටත් සාකච්ඡා කෙරිණි.

Exit mobile version