Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රටවල් 7කට නොමිලේ සංචාරක වීසා

රජයෙන් වීසා ගාස්තු ගැන විශේෂ තීරණයක්

රජයෙන් වීසා ගාස්තු ගැන විශේෂ තීරණයක්

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කෙරුණු කෙටි කාලීන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඒ අනූව,

01. 2024-3-31 දින දක්වා කාලය සඳහා චීනය, ඉන්දියාව, රුසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව හා ජපානය යන රටවලින් පැමිණෙන සංචාරකයන් හට නොමිලයේ සංචාරක වීසා නිකුත් කිරීමේ වැඩසටහනක් නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීම.

02. විදේශ සංචාරකයන්ට ලෝක උරුම හා ඓතිහාසික ස්ථාන වෙත තදබදයකින් තොරව පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා ගාස්තු අය කරන ස්ථාන සියල්ල සඳහා එකවර ගෙවා මිලදී ගැනීමේ පැකේජ ප්‍රවේශ පත්‍රයක් ගුවන්තොටුපොළේදීම හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ මිලදී ගැනීමේ අවස්ථාව සැලසීම.

03. ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සංචාරක මැදිරි සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර අලවියද මාර්ගගත ක්‍රමය ඔස්සේ හෝ එකවර ගෙවා ලබාගන්නා පොදු ප්‍රවේශ පත්‍රයක් ලෙස ගුවන්තොටුපලේ දීම මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දීම එම වැඩසටහනට ඇතුළත් වේ.

ඉදිරි වසර තුනේදී සංචාරකයන් මිලියන පහක් ලංකාවට ගෙන්වා ගැනීමේ ඉලක්කය මත අග්‍රාමාත්‍යවරයා, සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.

Exit mobile version