Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2022දී දුම්රියන් 72% නියමිත පරිදි ධාවනයවී නෑ

2022දී දුම්රියන්ගෙන් 72% නියමිත පරිදි ධාවනයවී නෑ

2022දී දුම්රියන්ගෙන් 72% නියමිත පරිදි ධාවනයවී නෑ

පසුගිය වසරේදී දුම්රියන් එක් ලක්ෂ විසි දහස් නවසිය අනූ තුනක් (120993) (වාර) ධාවනයට යොදවා ඇතත් ඉන් නියමිත වේලාවට ධාවනයවී ඇත්තේ දුම්රියන් 32,844ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

අවලංගුවී තිබූ දුම්රිය වාර ගණන එක් ලක්ෂ හැත්තෑ හතක් (10077)ක් බවද එම වාර්තාවේ දැක්වේ.
ඒ අනුව දුම්රියන්ගෙන් සියයට හැත්තෑ දෙකක් නියමිත පරිදි ධාවනයවී නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර දුම්රිය එන්ජින් 23ක් සහ බලවේග කට්ටල 36ක් පසුගිය වර්ෂයේදී භාවිතයට නොගෙන පැවතුණු බවද එම කාර්යාලය සඳහන් කරයි.

දිගු කාලයක සිට ශ්‍රී ලංකාවේ සමස්ත මගී ප්‍රවාහනයෙන් සියයට හයක් හා භාණ්ඩ ප්‍රවාහනයෙන් සියයට 6.5ක දායකත්වය දෙන දුම්රිය සේවය එකී දායකත්වය ඉහළ නංවා ගැනීමට අපොහොසත්ව තිබූ බව පවසන එම වාර්තාව 1934දී දුම්රිය මාර්ග ජාලය කිලෝමීටර් 1521 වුවද 2021 වර්ෂය වන විට එය කිලෝමීටර් 1465ක් දක්වා කිලෝමීටර් 56කින් අඩුවී තිබූ බව සඳහන් කරයි.

එම අඩුවීම වාර්තාවී ඇත්තේ බෙලඅත්ත දක්වාවූ කිලෝ මීටර් තිස් දෙකක්ද අලුතින් එක්වීමෙන් පසුවවීම විශේෂත්වයක් බව වාර්තාවේ සඳහන් වේ.

Exit mobile version