Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාව සඳහා පිරිනැමෙන ඉහළම “යුරේකා” සම්මානයක් ලාංකික කරු එස්සැල්ලේට

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාව සඳහා පිරිනැමෙන ඉහළම "යුරේකා" සම්මානයක් ලාංකික කරු එස්සැල්ලේට

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාව සඳහා පිරිනැමෙන ඉහළම "යුරේකා" සම්මානයක් ලාංකික කරු එස්සැල්ලේට WINNER - Metasteerers Team – Distinguished Professor Karu Esselle , Dr Manik Attygalle, Dr Khushboo Singh and Dr Dush Thalakotuna Affiliated Organisations: University of Technology Sydney; Defence Science and Technology Group; and Macquarie University

ඕස්ට්‍රේලියාව ආරක්ෂා කිරීම සඳහා විශිෂ්ට ලෙස විද්‍යාව යොදා ගැනීම වෙනුවෙන් 2023 වසර සදහා ජාතික මට්ටමේ, ආරක්ෂක දෙපාර්තමේන්තුවේ යුරේකා ත්‍යාගය දිනා ගැනීමට කරු එස්සැල්ලේ සමත් විය.

මෙම ‘යුරේකා’ සම්මානය මෙරට විද්‍යා ක්ශේත්‍රයේ ‘ඔස්කාර්’ සම්මාන උළෙල ලෙස හැඳින්වනුයේ එය විද්‍යා ක්ශේත්‍රයේ විශිෂ්ටයින් වෙනුවෙන් පිදෙන විශේෂ සම්මානයක් වන බැවිනි.

මේ වන විට University of Technology Sydney හි Electromagnetic & Antenna engineering පිළිබඳ කීර්තිමත් මහාචාර්යවරයෙක් ලෙස සේවය කරන ඔහු විදුලි සංදේශ, ආරක්ෂක සහ අභ්‍යවකාශ තාක්‍ෂණයන්හි ලොව ප්‍රමුඛයෙක්ද වේ.

මෙම සම්මානය විද්‍යාව සඳහා ඔස්ට්‍රේලියාවේ ලබා දෙන උසස්ම සම්මානය වේ.

පර්යේෂණ, නවෝත්පාදන, නායකත්වය, විද්‍යා කටයුතු සහ පාසල් පද්ධතිය තුළ විද්‍යාව ඇතුළු කාණ්ඩ 18 කින් ඇගයීමට ලක් කෙරෙන ඔස්ට්‍රේලියාවේ වඩාත්ම කීර්තිමත් විද්‍යා සහ තාක්ෂණ සම්මාන උළෙලයි. ඒ නිසාම එය Oscars of Australian Science ලෙසද හඳුන්වනු ලබයි.

මෙම සම්මානනීය පර්යේෂණය වසර 4ක් පුරා සිදු කරන ලද කරන ලද අතර එම පර්යේෂණ ප්‍රතිඵල ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට ඉතා වැදගත් බැවින් මෙසේ සම්මානයට පාත්‍ර වී තිබේ.

2022 වසරේදීම මහාචාර්ය කරූට Australia Space Award සම්මාන උළෙලේදී Academic of the year සම්මානය හිමිව ඇති අතර එම සම්මාන උළෙලේදීම සම්මාන ලැබූ සියල්ලන්ගෙන්ම විශිෂ්ටතමයාට පිදෙන “Best of the winners” Excellence award හිමි කර ගත්තේද මහචාර්ය කරූ එස්සෙල්ලේ විසිනි.

– dinamina

Exit mobile version