Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යුනිසෙෆ් සංවිධානයේ මැදිහත්වීම මත කහ උණ ප්‍රතිශක්තිකරණ එන්නත් 1500ක්

සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සෑම දිස්ත්‍රික්කයකටම මන්ත්‍රීවරයෙක්

සෞඛ්‍ය සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සෑම දිස්ත්‍රික්කයකටම මන්ත්‍රීවරයෙක්

කහ උණ සඳහා ප්‍රතිශක්තිකරණය ලබාදීමේ එන්නත් 1500ක් ඉදිරි දෙසතිය ඇතුළත මෙරටට ආනයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, යුනිසෙෆ් සංවිධානයේ මැදිහත්වීම මත මෙම එන්නත් ආනයනය කරන බවයි.

ඒ අනුව, බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් එම එන්නත් අප්‍රිකානු කලාපයේ සංචාරය කරන පුද්ගලයින්ට ලබාදීමට පියවර ගැනෙනු ඇති.

කහ උණ ප්‍රතිශක්තිකරණ එන්නත් මේ වන විට මෙරට හිගව පවතින අතර, ඊට හේතුවී ඇත්තේ එම එන්නත් ආනයනට භාරගත් සැපයුම්කරු නිසිපරිදි එන්නත් සැපයීමට අසමත්වීමයි.

යුනිසෙෆ් මැදිහත්වීම මත එන්නත් 6000ක් මෙරටට ආනයනයට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

Exit mobile version