Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ක්‍රිඩා අමාත්‍යවරයා සහ ඔහුගේ නියෝජිතයන්ට අතුරු තහනම් නියෝගයක්

නිශ්ශංක බන්දුල සම්බන්ධ පෙත්සම ලක්ෂ 20ක නඩු ගාස්තුවකට යටත්ව නිශ්ප්‍රභ කරයි

නිශ්ශංක බන්දුල සම්බන්ධ පෙත්සම ලක්ෂ 20ක නඩු ගාස්තුවකට යටත්ව නිශ්ප්‍රභ කරයි

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ පරිපාලනය ඇතුළු අනෙකුත් කටයුතුවලට මැදිහත් වීම වළක්වාලමින් අභියාචනාධිකරණය ක්‍රිඩා අමාත්‍යවරයා සහ ඔහුගේ නියෝජිතයන්ට අතුරු තහනම් නියෝගයක් නිකුත්කළා.

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතු අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කිරිමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එම ආයතනයේ සභාපති රිස්ලි ඉලියාස් මෙම පෙත්සම ගොනුකළා.

පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ මරික්කාර් යන විනිසුරුවරුන් තීන්දුව ලබාදුන්නා.

මේ අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට හෝ ඔහුගේ නියෝජිතයන්ට ශ්‍රීලංකා රග්බි ආයතනයේ පරිපාලන කටයුතුවලට මැදිහත්වීම තහනම් වනවා.

Exit mobile version