Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යාපනය දිස්ත්‍රික්කයේ සිකුරාදා හා ඉරිදා දිනවල පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණයක්

යාපනය දිස්ත්‍රික්කයේ සිකුරාදා හා ඉරිදා දිනවල පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණයක්

යාපනය දිස්ත්‍රික්කයේ සිකුරාදා හා ඉරිදා දිනවල පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණයක්

ජුලි 01 වැනිදා සිට සිකුරාදා හා ඉරිදා දිනවල පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණය කළ බව යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්දරන් මහතා පවසයි.

ඔහු පැවසුවේ, 9 ‍ශ්‍රේණියෙන් පහළ පන්ති සඳහා සිකුරාදා පස්වරුවේ හා ඉරිදා දිනයේ පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණය කළ බවය. ඒ, ළමුන්ගේ මානසික සුවතාවය වෙනුවෙනි.

යාපනය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය, පොලිස්, පෞද්ගලික පන්ති හිමිකරුවන්, ගුරුවරුන් හා ළමා සංවර්ධන නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවේදී එම තීරණය ගෙන ඇත.

දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදීද සාකච්ඡා කරන බවයි.
සෑම පෞද්ගලික පන්තියක්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතු බවද යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

ඔහු කියා සිටියේ, සෑම පෞද්ගලික පන්තියක්ම පවත්වාගෙන යාමේදී ඒ සඳඟා අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සම්පූර්ණ කර තිබිය යුතු බවයි.

Exit mobile version