(26) සිට සෑම සිකුරාදාවකම ඩෙංගු මර්දනය සඳහා සෑම රාජ්‍ය ආයතනයක්ම පැය 2ක කාලයක් වෙන් කිරීමට පියවර ගත යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දෙනවා.
ඒ සඳහා උපදෙස් ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බවයි එහි ලේකම් රංජිත් අශෝක මහතා සඳහන් කළේ.
ඒ සඳහා වන චක්රලේඛයක්ද නිකුත් කිරීමට පියවර ගන්නා බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ රෝගීන්ගෙන් 50%කට ආසන්න පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාස 61ක ඩෙංගු අධි අවදානම් තත්ත්වයක් පවතින බව ඩෙංගු මර්දන ඒකකය පවසනවා.