Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ධුරයෙන් ඉවත් කරයි

කුරුණෑගල හිටපු නගරාධිපති ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

කුරුණෑගල හිටපු නගරාධිපති ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී ඔහුට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා 18කින් 11කටම ඔහු වැරදිකරු බවට තීන්දු කර තිබේ.

හිටපු නගරාධිපතිවරයාගේ පාලන කාලය තුළ වැරදි සිදුකර ඇත්දැයි සෙවීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාගේ නියමයෙන් පත් කරන ලද ඒක පුද්ගල පරීක්ෂණ කොමිසම විසින් එම තීන්දුව ලබාදී ඇත.

ඒ අනුව එම පරීක්ෂණ කොමිසම විසින් ලබාදී ඇති නිගමනවලට අනුව තුෂාර සංජීව විතාරණ මහතා 2022.12.31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපති ධූරයෙන් හා සභික ධූරයෙන් පහ කළ අයකු වශයෙන් සැලකිය යුතු බවට නියම කරමින් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද (08) නිකුත් කළේය.

Exit mobile version