Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උත්සව සමයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් ජනතාවට ඉල්ලීමක්

උත්සව සමයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් ජනතාවට ඉල්ලීමක්

උත්සව සමයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් ජනතාවට ඉල්ලීමක්

බෝ නොවන රෝගී තත්ත්වයන්ගෙන් හැකි තාක් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේ දෛනිකව මිනිස් ශරීරයට අවශ්‍ය කැලරි ප්‍රමාණය ඉක්මවන ආහාර වර්ග ලබා ගැනීම බෝ නොවන රෝගී තත්ත්වයන්ට ප්‍රධාන හේතුවක් බවයි.

විශේෂයෙන්ම උත්සව සමයේ මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසටයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ.

ඒ අනුව ශරීරයට දැනෙන පරිදි පිළිවෙලකට දෛනිකව ව්‍යායාම සිදු කිරීම අනවශ්‍ය කැලරි දහනය කිරීමට අවශ්‍ය ප්‍රධානම කරුණක් වනවා. වැඩිහිටියෙක් නම් දිනකට පැය භාගයක් හෝ ව්‍යායාම සිදු කිරීම කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා වැඩි දුරටත් සඳහන් කළේ.

Exit mobile version