Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යාල කළු කොටියාගේ සමේ පැහැය ජාන විකෘතියක්; නැරඹිමට විශේෂ උනන්දුවක් දැක්වීම ඌගේ නිදහසට විශාල බාධාවක්

යාල කළු කොටියාගේ සමේ පැහැය ජාන විකෘතියක්; නැරඹිමට විශේෂ උනන්දුවක් දැක්වීම ඌගේ නිදහසට විශාල බාධාවක්

යාල කළු කොටියාගේ සමේ පැහැය ජාන විකෘතියක්; නැරඹිමට විශේෂ උනන්දුවක් දැක්වීම ඌගේ නිදහසට විශාල බාධාවක්

යාල ජාතික උද්‍යානයේදි දක්නට ලැබෙන කළු කොටි Leopard (Pantheraparduskotiya) පැටියා ජාන විකෘතියක් හේතුවෙන් සමෙහි පැහැය වෙනස් වීමෙන් බිහි වී ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

මාස 5-6ක් පමණ වන මෙම කොටි පැටියා තවමත් මව සමග ජිවත් වෙමින් පරිසරයට හුරු වීමට පුරුදු වෙමින් සිටින අතර මෙලෙස පරිසරයට හුරුවෙමින් සිටින කොටි පැටියා නැරඹිමට සංචාරකයින් විශේෂ උනන්දුවක් දැක්වීම ඌගේ චර්යාවන් නිදහස් අයුරින් පැවැත්වීමට විශාල බාධාවක් වී ඇතැයිද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එබැවින් යාල ජාතික උද්‍යානයේ සංචාරය කිරීමේදි අහඹු ලෙස කොටි පැටියා දැක ගැනීමට කටයුතු කිරිම මිස ඌ හඹා ගොස් නැරඹිමට කටයුතු කිරීමෙන් වලකින ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

ඌ හඹා ගොස් නැරඹිමට කටයුතු කිරීම කොටි පැටියාගේ පැවැත්මට බලවත් හානියක් බවත් සංචාරකයින් ජායාරූප ගැනීම සඳහා කොටි පැටියා හඹා නොයන ලෙසත් එම දෙපාර්තමේන්තුව දන්වා සිටී.

අහඹු ලෙස මුණ ගැසුණු මෙම කොටි පැටියා සංරක්ෂණය කර ගැනිමට අවශ්‍ය කටයුතු සිදුකිරිම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කොටියා ගැවසෙන ප්‍රදේශ වලට යම්යම් සීමාවන් පැණවීමට පියවර ලෙන තිබේ.

Exit mobile version