Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී දුප්පත් ජනතාව ආරක්ෂා වන පරිදි සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් විය යුතුයි

බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ක්‍රියාත්මක කිරීමේදීආරක්ෂා වන පරිදි සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් විය යුතුයි

බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ක්‍රියාත්මක කිරීමේදීආරක්ෂා වන පරිදි සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් විය යුතුයි

අයවැය පරතරය සහ රාජ්‍ය ණය අවම කරගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්ති රාජ්‍ය අදායම් වැඩි කරගැනීම මත පදනම්ව ක්‍රියාත්මක විය යුතුයිත ඒ සඳහා රජය ක්‍රියාත්මක කරමින් සිටින බදු ප්‍රතිසංස්කරණ දිගටම ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය ප්‍රකාශ කළාය.

නමුත් එසේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී දුප්පත් ජනතාව ආරක්ෂා වන පරිදි සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් විය යුතු බවද ඇය පෙන්වා දුන්නාය.

ශ්‍රී ලංකාවට විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක පමණ ණය මුදලක් වසර 4ක කාලයක් තුළ ලබා දීම සඳහා (20) පැවති විධායක කමිටු රැස්වීමේදී අනුමැතිය හිමි වීමත් සමඟ ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව පැවැසුවාය.

අයවැය පරතරය සාර්ථකව අවම කර ගැනීමට ආයතනික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ජෝර්ජීවා මහත්මිය සඳහන් කර ඇත.

දූෂණයට එරෙහි නීති ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළුව දූෂණය මැඩලීමේ අඛණ්ඩ උත්සාහයන් දිගටම පවත්වාගෙනයා යුතු බවත් වඩාත් පුළුල් දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විය යුතු බවත් ජෝර්ජීවා මහත්මිය පවසා තිබේ. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදු කරමින් සිටින ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී සහ පාලන රාමුව පිළිබඳ ඇස්තමේන්තුව මාර්ගෝපදේශය සැපයිය යුතු බව ජෝර්ජීවා මහත්මිය පෙන්වා දී ඇත.

සංවර්ධන හවුල්කරුවන්ගේ තාක්ෂණික සහාය ලබා ගනිමින් ආර්ථික වර්ධන වේගය කඩිනම් කරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වේගවත් කළ යුතු බව ජෝර්ජීවා මහත්මිය ප්‍රකාශ කර තිබේ.

ප්‍රමාණවත් ලෙස ප්‍රාග්ධනීකරණය වූ බැංකු පද්ධතියක් පවත්වා ගැනීම වැදගත් බවත් ආර්ථිකයේ අංශයේ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා බැංකු ප්‍රාග්ධනීකරණය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම, මූල්‍ය අධීක්ෂණය සහ අර්බුද කළමනාකරණ රාමුව ශක්තිමත් කිරීම ඉතා වැදගත් බවත් ජෝර්ජීවා මහත්මිය පෙන්වා දී ඇත.

වෙළඳපොළ විශ්වාසය නැවත ඇති වීමත් සමඟ බලධාරීන් මෑතකදී හඳුන්වා දුන් නම්‍යශීලි විනිමය අනුපාත මෙරට නිල සංචිත නැවත ගොඩනැගීමට උපකාරී වනු ඇති බවත් උද්ධමනය අවම කිරීමේ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටිය යුතු බවත් ජෝර්ජීවා මහත්මිය සඳහන් කර තිබේ.

Exit mobile version