Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝක බැංකුවේ වත්මන් සභාපති එම ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කරයි

ලෝක බැංකුවේ වත්මන් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කරයි

ලෝක බැංකුවේ වත්මන් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කරයි

සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ට වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් ආධාර සපයන ලෝක බැංකුවේ වත්මන් සභාපති ඬේවිඞ් මැල්පාස් තමාගේ ධුර කාලය අවසන් වීමට පෙර ලබන ජූනි මස තම ධුරයෙන් ඉල්ලා අස්වන බව පසුගියදා ප්‍රකාශ කර ඇත.

සභාපතිවරයාගේ පස් අවුරුදු ධුර කාලය ලබන වසරේ අප්‍රේල් මස අවසන් වීමට නියමිතව තිබිණි.ලෝක බැංකුවේ සභාපති ධුරය සඳහා ඉතිහාසයේ සිට එහි ප්‍රධානතම කොටස්කරුවකු වන ඇමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කරන පුද්ගලයෙකු තේරී පත් විය.නමුත් මෙවර සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ නැගී එන ආර්ථිකයන් සතු රටවල් මීළඟ ලෝක බැංකු සභාපතිවරයා කවුරුන්ද යන්න තීරණය පුළුල් කර ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.

මේ වන විට මීළඟ ලෝක බැංකු සභාපතිවරයා ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඉදිරිපත් විය හැකි නම් අතර ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමෙරිකා නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර්, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමෙරිකා නියෝජිතායතනයේ හිටපු ප්‍රධානියකු වන රජිව් ෂා, ඊජිප්තුවේ උපන්, බි්‍රතාන්‍ය ඇමරිකානු ආර්ථික විද්‍යාඥයකු වන මිනූෂ් ෂෆීක්, එක්සත් ජනපද භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් වොලී ඇඩයමෝ ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Exit mobile version