Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පිළිපීන නෞකාවට චීන නෞකාවකින් ලේසර් ප්‍රහාරයක්

පිළිපීන නෞකාවට චීන නෞකාවකින් ලේසර් ප්‍රහාරයක්

පිළිපීන නෞකාවට චීන නෞකාවකින් ලේසර් ප්‍රහාරයක්

චීන වෙරළ ආරක්ෂක නෞකාවක් එල්ල කළ ලේසර් කිරණ හේතුවෙන් පිලිපීන වෙරළ ආරක්ෂක නෞකාවක සිටි නැවියන්ගේ පෙනීම තාවකාලිකව අහිමි වී ඇතැයි පිලිපීන ආරක්ෂක අංශ චෝදනා කරයි.

පිලිපීන වෙරළ ආරක්ෂකයන් සිය නිල මුහුණු පොත් පිටුවේ සටහනක් තබමින් චෝදනා කර ඇත්තේ චීන වෙරළ ආරක්ෂක නෞකාව තම නෞකවට මීටර් 137 ක දුරක් දක්වා අසළට පැමිණි බවත් එම නෞකාවෙන් එල්ල කළ කොළ පැහැති ලේසර් කිරණ හේතුවෙන් තම නැවියන්ගේ පෙනීම තාවකාලිකව අහිමි වූ බවයි.

කෙසේ වෙතත් මෙම චෝදනාවට චීනය ප්‍රතිචාර දක්වා නොමැත.මෙම සිදුවීම ඉකුත් පෙබරවාරි මස 6 වැනිදා දකුණු චීන මුහුදේ නන්චා දූපත් අසලදී සිදුව තිබේ.

Exit mobile version