Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හදා වඩා ගැනීම සඳහා ලොව දහස් සංඛ්‍යාත පිරිසකගෙන් ඉල්ලීමට ලක් වූ සිරියානු බිළිඳිය

හදා වඩා ගැනීම සඳහා ලොව දහස් සංඛ්‍යාත පිරිසකගෙන් ඉල්ලීමට ලක් වූ සිරියානු බිළිඳිය

හදා වඩා ගැනීම සඳහා ලොව දහස් සංඛ්‍යාත පිරිසකගෙන් ඉල්ලීමට ලක් වූ සිරියානු බිළිඳිය

උපත දුන් මව ඇතුළු පවුලේ සැම සුන්බුන් අතරේ අවසන් සුසුම් හෙළද්දී හාස්කමකින් මෙන් දිවි බේරුණු සිරියානු බිළිඳිය හදා වඩා ගැනීම සඳහා ලොව දහස් සංඛ්‍යාත පිරිසකගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.

අරාබි බසින් ආශ්චර්ය යන අරුතැතිව ඇයට Aya යන නම තබනු ලබන්නේ, ප්‍රතිකාර ලබමින් සිටින රෝහල් බලධාරීන් විසිනි.
සුන්බුන් අතරින් බේරා ගන්නා විටත් පෙකණි වැලෙන් මව හා සම්බන්ධ වී සිටි පුංචි Ayaගේ කතාව සැබවින්ම ආශ්චර්යකි.

පසුගිය සඳුදා අලුයම සිරියානු දේශසීමාවට ආසන්නයේ තුර්කිය දෙදරුම් කමින් සෙලවී යනවිට බොහෝ පිරිසක් පසු වූයේ, සුව නින්දකයි. තුර්කියේ මෙන්ම සිරියාවේ දහස් ගණනක් ගොඩනැගිලි, නිවාස මහ පොළොවට සමතලා වන්නට ගියේ ඉතා සුළු මොහොතක් පමණි. නින්දෙන් ඇහැරී ඇසිපිය හෙළනන්ටත් කලින් සිදුවූ මෙම ඛේදවාචකයෙන් Ayaගේ මව ඇතුළු පවුලේ සියලු දෙනා සිටි නිවස සහිත ගොඩනැගිල්ලත් සුන්බුන් ගොඩක් වනන්ට ගත වූයේ සුළු මොහොතකි.

සුන්බුන් අතරේ Ayaට උපත දුන් මව සුන්බුන් අතරේම අවසන් සුසුම් හෙළුවාය.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව පුංචි Aya මෙළොව එළිය දකිද්දී මව පමණක් නොව, පියා සහ සහෝදරයින් සිව් දෙනාත් සුන්බුන් අතරේම අවසන් ගමන් ගොස් අවසන්ය.

සුන්බුන් අතරින් ඉවතට ගත් බිළිඳිය වහා රෝහල්ගත කිරීමට බේරාගත් පිරිස් ක්‍රියා කරන අතර ඒ වනවිටත් හුස්ම ගැනීමට අපහසුව සිටි baby Ayaගේ සිරුර පුරා තැලීම්, සීරිම්වල සලකුණුද විය.

භූ කම්පනයෙන් හෝරා කිහිපයකට පසුව පුද්ගලයෙක් දූවිලිවලින් වැසුණු අලුත් උපන් බිළිදෙකු අත් දරාගෙන දිව යන අයුරු දැක්වෙන දර්ශනයක් පසුගිය සදුදා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ලොව පුරා පැතිර ගියේය. ඒ පුංචි Aya බේරාගත් අවස්ථාවේ දර්ශන පෙළයි.

තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන මේ වනවිට 20,000 ඉක්මවා ගොස් ඇති අතර ඉන් 17,000කට අධික සංඛ්‍යාවක් තුර්කි වැසියන් වන අතර සිරියාවේ මියගොස් ඇති සංඛ්‍යාව 3000කට අධිකයි.

තුර්කි වේලාවෙන් සඳුදා( 06) අලුයම පොළව මතුපිට සිට කිලෝමීටර 17.9ක් අභ්‍යන්තරයේ මැග්නිටියුඩ් ඒකක 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය සිදුවී පැය 12කට පසුව දෙවන වරටත් ප්‍රබල පසු කම්පනයක් උතුරු දෙසට වන්නට සිදු විය.

Exit mobile version