Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මැතිවරණය නියමිත දිනට පැවැත්විය හැකිද නැතිද යන පිළිබඳ දැනුම්වත් කරන්න

තැපැල් ඡන්ද හිමි සෑම දෙනකුටම එම අයිතිය ලබා දීමට කටයුතු කරන්න - ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය

තැපැල් ඡන්ද හිමි සෑම දෙනකුටම එම අයිතිය ලබා දීමට කටයුතු කරන්න - ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය

මැතිවරණ කොමිසම, මහා භාණ්ඩාගාරය සහ රජය එක තැනකට රැස්වී මැතිවරණය වෙනුවෙන් මුදල් දිය හැක්කේ කවර කාලයකදී ද යන්න ගැන හොඳින් අධ්‍යයනය කොට අවසන් එකඟතාවයකට එන්නැයි ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිට ඇත.

සියලු පාර්ශ්වයන් එකඟතාවයෙන් තීරණයක් ගැනීම මේ මොහොතේ ඉතා හොඳ තත්ත්වයක් බවද නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මැතිවරණයක් සඳහා සියල්ල සූදානම් බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇතත් තවමත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්‍භ කර නැති බව මුද්‍රණාලයාධිපතිනිය මාධ්‍යයට ප්‍රකාශ කර ඇතැයිද මැතිවරණයකට මුදල් නැතැයි මුදල් ලේකම්වරයා අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් මගින් කියා ඇතැයිද මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.

එබැවින් පවතින තත්ත්වයන් පිළිබඳව විශ්ලේෂණය කර මැතිවරණය නියමිත දිනට පැවැත්විය හැකිද නැතිද යන කාරණය පිළිබඳ දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයන් සහ මහජනතාව දැනුම්වත් කිරීම ඉතා වැදගත් බවද ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.

එම මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ එස්.බී හේරත් මහතාගේ අත්සනින් අදාල ලිපිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත යවා තිබේ.

Exit mobile version