Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සේවකයන්ට අනුමැතියකින් තොරව රු ලක්ෂ 470ක් දිරිදීමනා ගෙවලා

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සේවකයන්ට අනුමැතියකින් තොරව රු ලක්ෂ 470ක් දිරිදීමනා ගෙවලා

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සේවකයන්ට අනුමැතියකින් තොරව රු ලක්ෂ 470ක් දිරිදීමනා ගෙවලා

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සේවකයන්ට 2020 වර්ෂයේදී සහ පසුගිය වර්ෂ හයකදී මහාභාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව දිරිදීමනා වශයෙන් රුපියල් කෝටි 47කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

සේවකයන් සඳහා 2020 වර්ෂයේදී දිරිදීමනා ගෙවා තිබුණේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු 1994 ජුනි 14 දිනැති අංක 95 දරන චක්‍රලේඛ නියමයන්ට පටහැනිව බවද එහි දැක්වේ.

මේ අතර රාජ්‍ය අංශය සඳහා නිෂ්පාදන වර්ග 134ක ඉල්ලුම සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් සංස්ථාවට 2020 වර්ෂයේදී රුපියල් කෝටි 8කට ආසන්න මුදලක් අහිමිවී තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

අලෙවි ප්‍රවර්ධන ප්‍රයත්නයකින් තොරවම රාජ්‍ය අංශයෙන් ලැබෙන මෙම ඉල්ලුම සපුරාලිය නොහැකිවීම හේතුවෙන් සංස්ථාව සඳහා නිශ්චිත වෙළෙඳපොළ කොටස අත හැරී යෑමේ අවදානමක් පැවතුණු බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.

මේ අතර රුපියල් ලක්ෂ 23ක් වටිනා ලිපි ද්‍රව්‍ය තොගයක් තිබියදී 2020 වර්ෂයේදී ලක්ෂ 12ක් වටිනා ලිපි ද්‍රව්‍ය තවත් තොගයක් මිලදී ගෙන තිබූ බවත් අවශ්‍යතාව නිසිපරිදි හඳුනානොගෙන කළ මිලදී ගැනීම නිසා තොග හානිවීමේ හා කල් ඉකුත් වීමේ අවදානමක් පැවතුණු බව විගණන අංශ සඳහන් කළේය.

අනුරාධපුර ඔසු උයන සංවර්ධනය කර මායිම් වැට ඉදිකිරීම සඳහා රුපියල් 18 ලක්ෂයකට වැඩි මුදලක් වැය කර තිබූ නමුත් එම ඉඩම විධිමත් පරිදි සංස්ථාවට පවරාගෙන නොතිබූ බව විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

Exit mobile version