Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“සීතාවක ඔඩිසි” නමින් විශේෂ සංචාරක දුම්රියක්

ඇල්ල සහ සීතාවක ඔඩිසි දුම්රිය ධාවනය පිළිබඳ CIDයෙන් පරීක්ෂණයක්

ඇල්ල සහ සීතාවක ඔඩිසි දුම්රිය ධාවනය පිළිබඳ CIDයෙන් පරීක්ෂණයක්

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් සීතාවක ඔඩිසි නමින් විශේෂ සංචාරක දුම්රියක් (15) වන ඉරිදා සිට සෑම සති අන්තයකම ධාවනය කිරීමට නියමිතව ඇත.

මෙම දුම්රිය, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ සංකල්පයක් සහ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ දිරි ගැන්වීම හිමි වේ. දුම්රියේ මංගල ගමන් ආරම්භය 15 ඉරිදා කොටුව දුම්රිය ස්ථානයේදී ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව කැලණිවැලි දුම්රිය මාර්ගය ඔස්සේ ආරම්භ කෙරෙන අතර විදෙස් සංචාරකයන් පනහක් පමණ එක්වීමට නියමිතය.

මෙම දුම්රිය “වග දුම්රිය ස්ථානය” දක්වා ගමන් කර පසුව බස් රථ මඟින් සංචාරකයන් ලබුගම, කලටුවාව ජලාශ සහ දිය ඇලි, සීතාවක තෙත්බිම් උද්‍යානය වැනි සුන්දර ස්ථාන නැරැඹීම සඳහා යොමු කෙරේ.

Exit mobile version