Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දුම්රිය දෙපාර්තමේන්තුවේ ‘වැගන’ ප්‍රවාහනය හරහා සාමාන්‍ය ප්‍රවාහන වියදමට සාපේක්‍ෂව 40%ක ඉතිරියක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ ‘වැගන’ ප්‍රවාහනය හරහා සාමාන්‍ය ප්‍රවාහන වියදමට සාපේක්‍ෂව 40%ක ඉතිරියක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ ‘වැගන’ ප්‍රවාහනය හරහා සාමාන්‍ය ප්‍රවාහන වියදමට සාපේක්‍ෂව 40%ක ඉතිරියක්

ඉන්ධන අර්බුදය හේතුවෙන් රට තුළ ප්‍රවාහන විදයම් ඉහළ යෑමට පිළියමක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ‘වැගන’ ප්‍රවාහනයට වැඩි අවධානයක් යොමු කර ඇති බවත් ඒ හරහා සාමාන්‍ය ප්‍රවාහන වියදමට සාපේක්‍ෂව සියයට 40 කට අධික මුදලක් ඉතිරි කරගැනීමේ අවස්ථාව ඇති බවත් දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

වැගනයකින් අවම මෙටි්‍රක්ටොන් 35ක් සහ උපරිම මෙටි්‍රක්ටොන් 45ක් දක්වා භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි බවත් සිසිල් බීම, සිමෙන්ති, ජල බෝතල්, සුපිරි වෙළඳසැල්වල එළවළු පළතුරු, පාවහන් සහ ඖෂධ මේ වන විටත් වැගන හරහා ප්‍රවාහනය කරන බවත් ස්ථානාධිපති සංගමයේ නිලධාරියෙක් කීය.

වැගන හරහා ප්‍රවාහනයට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන යොමුවන්නේ නම් ඒ සඳහා ගබඩා පහසුකම් දීමේ හැකියාව දුම්රිය දෙපාර්තමේන්තුවට ඇති බව කී එම නිලධාරියා කැලණිවැලි මාර්ගයේ හැර සෙසු සියලුම මාර්ගවල වැගන ප්‍රවාහන ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.

Exit mobile version