Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පරාජයට පත් කළ අයවැය සම්මත කරගෙන – ආණ්ඩුකාරවරයාට නාගරික මන්ත්‍රීවරුන්ගෙන් ලිපියක්

පරාජයට පත් කළ අයවැය සම්මත කරලා; ආණ්ඩුකාරවරයාට නාගරික මන්ත්‍රීවරුන්ගෙන් ලිපියක්

පරාජයට පත් කළ අයවැය සම්මත කරලා; ආණ්ඩුකාරවරයාට නාගරික මන්ත්‍රීවරුන්ගෙන් ලිපියක්

කුරුණෑගල මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්ද 07න් පරාජයට පත් කළ 2023 අයවැය කෙටුම්පත 2022 වසරේ වැඩ අවසන් කිරීමේ විශේෂ මහා සභාව නමින් රැස්වීමක් පවත්වා නගරාධිපතිවරයා නගර සභිකයන්ගේ වරප්‍රසාද කඩවන පරිදි අනීතික ලෙස සම්මත කර ගත් බව නාගරික මන්ත්‍රීවරු 14 දෙනකුගේ අත්සනින් යුත් ලිපියක් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා වෙත පසුගියදා (30) ඉදිරිපත් කර ඇත

2023 අයවැය කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ සමගි ජන බලවේගය නියෝජනය කරන විරුද්ධ පක්ෂ නායක විජයානන්ද වෙඩිසිංහ ඇතුළු පිරිස, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී වරයා, සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රී වරයා, ආණ්ඩු පක්ෂයට සහාය දැක්වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ හිටපු නගරාධිපති ගාමිණී පෙරමුණ සහ රජිත ජයවර්ධන යන නාගරික මන්ත්‍රී වරුන් මෙම ලිපියට අත්සන් කර ඇත.

2022.12.20 පැවති විශේෂ මහා සභා රැස්වීමට ඉදිරිපත් කර පරාජයට පත් වූ 2023 අයවැය කෙටුම්පත සභිකයන් වැඩි පිරිසකගේ විරෝධය මැද සම්මත වූ අයවැයක් ලෙස සළකා ඉදිරියට කටයුතු කරන බවත්, නැවත ඡන්ද විමසීමක් නොකරන බවත් පවසා සභිකයන්ට අදහස් දැක්වීමටද අවස්ථාව ලබා නොදී නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා සභාවේ කටයුතු නිමා කළ බව ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කළ ලිපියේ සඳහන් වේ.

Exit mobile version