Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තේක්ක කඳන් 53ක් නීති විරෝධීව ප්‍රවාහනය කළ ලොරි රථය අත්අඩංගුවට

තේක්ක කඳන් 53ක් නීති විරෝධී අන්දමින් ප්‍රවාහනය කළ ලොරි රථය අත්අඩංගුවට

තේක්ක කඳන් 53ක් නීති විරෝධී අන්දමින් ප්‍රවාහනය කළ ලොරි රථය අත්අඩංගුවට

අරාව සිට නුවර ප්‍රදේශය වෙත තේක්ක කඳන් 53ක් බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී අන්දමින් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු එම දැව තොගය හා ලොරි රථය සමඟ (23)වැනි දා අලුයම කන්දකැටිය ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ රිදීමාලියද්ද ඌරණීය ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකි.

කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් දසනායක මහතා වෙත ලද තොරතුරක් මත බදුල්ල නුවර ප්‍රධාන මාර්ගයේ රජ මාවත හංදිය අසල දී සැකකරුවන් ලොරි රථය හා දැව තොගය අත් අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් හා ලී තොගය (23)වැනි දා බදුල්ල අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණී .

Exit mobile version