Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොවිඩ් 19 වෛරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවේ – ලෝක සෞඛ්‍ය සංවිධානය

වඩා දරුණු ගෝලීය වසංගතයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

වඩා දරුණු ගෝලීය වසංගතයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

කොවිඩ් 19 වෛරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනම් පවසනවා.

කොවිඩ් 19 වයිරසය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම් කෙරුණේ 2020 වසරේදීයි. වයිරසය හිස එසවූයේ 2019 වසර අවසානයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමින්. 2020 වසර වනවිට කොවිඩ් 19 ගෝලීය වසංගතයක් බවට පත් වුණා.

මේ වන විට කොවිඩ් 19 වයිරසය හේතුවෙන් පුද්ගලයින් මිලියන 6.6කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් තවමත් කොවිඩ් 19 වයිරසය හේතුවෙන් චීනය පීඩා විඳිනවා. නමුත් ලොව සෙසු රටවල මෙම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් බවයි ටෙඩ්‍රෝස් ඇඩනම් පවසන්නේ.

සාර්ථක එන්නත්කරණය සහ කොවිඩ් 19 වයිරසයේ බලපෑම බාලවීමත් සමඟ වයිරස අවදානය කෙමෙන් පහව ගිය බවත්, තව දුරටත් කොවිඩ් 19 සම්බන්ධයෙන් බියක් ඇති කරගත යුතු නැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ජිනිවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කරනවා.

කොවිඩ් 19 වසංගතයේ අවදානම පහව ගොස් ඇති බව නිල වශයෙන් දැනුම් දීම ඉදිරියේ දී සිදු කරන බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දෙයි.

Exit mobile version