Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චාමිකගේ සෙල්ෆියට වුනු දේ – දඩුවම් ලකුණු 2ක් සමග තරග මුදලින් 40%ක දඩයක් පනවයි

චාමිකට තරග මුදලින් 40%ක දඩයක්: දඩුවම් ලකුණු 2ක් එකතු වෙයි

චාමිකට තරග මුදලින් 40%ක දඩයක්: දඩුවම් ලකුණු 2ක් එකතු වෙයි

ලංකා ප්‍රීමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී (10)වැනි දා පැවැති තරගයේදී ක්‍රිකට් නීති කඩ කිරීමේ චෝදනාවට වරදකරු වූ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට තරග මුදලින් 40%ක දඩයක් පැනවීමට සහ දඩුවම් ලකුණු 2ක් එකතු කිරීමට තරග තීරකවරයා නිර්දේශ කර තිබේ.

චාමික විනය කඩකිරීමේ චෝදනාවකට වරදකරු වීමෙන් මේ වන විටත් වසරක අත්හිටවූ තහනමක් ද ගතකරමින් සිටියි.

‘කැන්ඩි ෆැල්කන්ස්’ පිල නියෝජනය කරන චාමික, ජැෆ්නා කිංග්ස් පිලට එරහෙිව තරගයේදී හතරේ සීමා අසළ පන්දු රකිමින් සිටියදී ඒ අසළ පැමිණි ප්‍රේක්‍ෂකයන් සමඟ ‘සෙල්ෆි’ ඡායාරූපයක් ගත්තේ යැයි කියන සිද්ධියක් මෙම දඩුවමට හේතු වී තිබේ.

මෙහිදී කැන්ඩි පිලේ ජයග්‍රහණයේ නියමුවා වෙමින් චාමික පන්දු 16කින් නොදැවී ලකුණු 26ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙසද සම්මාන ලැබීය.

Exit mobile version