Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රතු ලැයිස්තුවට එක්කර තිබෙන කැස්පියන් මුහුදු සිංහයින් 700කගේ පමණ සිරුරු කැස්පියන් වෙරළ තීරයට

රතු ලැයිස්තුවට එක්කර තිබෙන කැස්පියන් මුහුදු සිංහයින් 700කගේ පමණ සිරුරු කැස්පියන් වෙරළ තීරයට

රතු ලැයිස්තුවට එක්කර තිබෙන කැස්පියන් මුහුදු සිංහයින් 700කගේ පමණ සිරුරු කැස්පියන් වෙරළ තීරයට

රුසියාවේ කැස්පියන් වෙරළ තීරයට මුහුදු සිංහයින් 700කගේ පමණ සිරුරු ගොඩ ගසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකළා.

කැස්පියන් මුහුදේ හමුවන එකම ක්ෂිරපායි සතුන් ලෙස සැලකෙන කැස්පියන් මුහුදු සිංහයින් 2008 වසරේ සිට වද විමේ තර්ජනයට ලක් වන සත්ත්වයෙකු ලෙස රතු ලැයිස්තුවට එක්කර තිබෙනවා. රුසියානු පරිසරවේදීන් සඳහන් කරන්නේ මෙම මරණවලට හේතුව නිෂ්ශිතව තහවුරු කරගෙන නොමැති බවයි. මෙම ක්ෂිරපායී සත්ත්වයින් මියයාමට තුඩුදුන් හේතුව සොයා ගැනීම සඳහා අංශ කිහිපයක් ඔස්සේ පර්යේෂණ ආරම්භ කර ඇති බවයි පර්යේෂකයින් පවසන්නේ.

මුහුදු සිංහයින් සංරක්ෂණය කරන ආයතනයක නියෝජිතයින් ප්‍රකාශ කර ඇත්තේ අධික ලෙස මුහුදු සිංහයින් දඩයම් කිරීම, ඔවුන්ගේ වාසස්ථාන අහිමිවීම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් මෙලෙස එම සත්ත්වයින් මියයාම සිදුවන බවයි.

Exit mobile version