Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙකු බව කියන පුද්ගලයෙකු මට්ටකුලියේදී කපා කොටා මරා දමයි

පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙකු බව කියන පුද්ගලයෙකු මට්ටකුලියේදී කපා කොටා මරා දමලා

පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙකු බව කියන පුද්ගලයෙකු මට්ටකුලියේදී කපා කොටා මරා දමලා

මට්ටකුලිය ප්‍රදේශයේදී (28) පෙරවරු 11.15ට පමණ පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

වාහනයකින් පැමිණි දෙදෙනෙකු අදාළ පුද්ගලයා කපා කොටා ඝාතනය කර ඇතැයි අනාවරණය වී ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ, 38 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ඝාතනයට ලක් වී ඇති බවය.

ඝාතනයට ලක් වී ඇති පුද්ගලයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර සිටි පුද්ගලයෙකු බවට මාධ්‍ය වාර්තා පළ වී තිබේ.

ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එවැනි තොරතුරක් පිළිබඳව අනාවරණය වූ බවට මෙතෙක් තහවුරු කිරීමක් කළ නොහැකි බවය.

Exit mobile version