Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කැනඩා ආයෝජකයන් සම්බන්ධයෙන් කැනේඩියානු පාලක පක්ෂයේ නිවේදනයක්

කැනඩා ආයෝජකයන් සම්බන්ධයෙන් කැනේඩියානු පාලක පක්ෂයේ නිවේදනයක්

කැනඩා ආයෝජකයන් සම්බන්ධයෙන් කැනේඩියානු පාලක පක්ෂයේ නිවේදනයක්

කැනේඩියානු ව්‍යාපාරික ප්‍රජාව සමග ශ්‍රී ලංකාවට පසුගියදා පැමිණි කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හන් ඩොන්ග් මහතා සහ රේචල් තෝමස් මහත්මිය කැනේඩියානු රජය නියෝජනය කරමින් නොපැමිණි බව කැනේඩියානු පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්ද සන්ගරී මහතා පවසා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හන් ඩොන්ග් මහතා සහ රේචල් තෝමස් මහත්මියට ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට කැනේඩියානු ව්‍යාපාරික ප්‍රජාව දිරිමත් කිරීම සඳහා කැනේඩියානු රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමට එරට රජය අවසර ලබා නොදුන් බව එම මහතා පෙන්වා දී තිබේ.

හන් ඩොන්ග් මහතා සහ රේචල් තෝමස් මහත්මිය, පිරිහුණු මානව හිමිකම් වාර්තාවක් ඇති වංචා සහ දුෂණ වලින් පිරි අසාර්ථක රටක ආයෝජනය කිරීම සඳහා කැනේඩියානුවන් දිරිමත් කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමට පත් වූ බව ගැරී ආනන්ද සන්ගරී මහතා ප්‍රකාශ කර ඇත.

Exit mobile version