Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සැප්තැම්බර් මාසයේ දී මෙරටට සීනි හා රසකැවිලි ආනයනය සඳහා ඩො. මි 31.8ක් වියදම් කරලා

සැප්තැම්බර් මාසයේ දී මෙරටට සීනි හා රසකැවිලි ආනයනය සඳහා ඩො. මි 31.8ක් වියදම් කරලා

සැප්තැම්බර් මාසයේ දී මෙරටට සීනි හා රසකැවිලි ආනයනය සඳහා ඩො. මි 31.8ක් වියදම් කරලා

පසුගිය 2022 සැප්තැම්බර් මාසයේ දී මෙරටට සීනි හා රසකැවිලි ආනයනය සඳහා දරා ඇති මුළු වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 31.8ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක් සඳහන් කරයි.

මෙය 2021 වසරේ සැප්තැම්බර් මාසයේ සීනි හා රසකැවිලි ආනයන වියදම වූ ඩොලර් මිලියන 3.4 හා සැසඳීමේ දී 829.7%ක ඉහළ යාමක් වේ.

මේ අනුව වසරේ මුල් මාස 09 තුළ දී සීනි හා රසකැවිලි ආනයනය සඳහා දරා ඇති සමස්ත වියදම ඩොලර් මිලියන 180.6ක් බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. කෙසේවෙතත් එය 2021 වසරේ මුල් මාස 09 හි සීනි හා රසකැවිලි ආනයන වියදම වූ ඩොලර් මිලියන 214.7ට වඩා 15.9%ක පහළ යාමකි.

සීනි හා රසකැවිලි ආනයනය වෙනුවෙන් 2021 වසරේ දී දරා ඇති සමස්ත වියදම ඩොලර් මිලියන 288.8ක් වන අතර එම අගය 2020 වසරේ සඳහන් වන්නේ ඩොලර් මිලියන 277.1ක් ලෙසයි.

Exit mobile version