Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා චීනයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති ප්‍රකාශ කළා – මුදල් රාජ්‍ය අමාත්‍ය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිවහුගතකරණයට අදාළව චීනය සිය සහතිකය IMF වෙතට

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිවහුගතකරණයට අදාළව චීනය සිය සහතිකය IMF වෙතට

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා චීන රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි – ශෙන්හොන් මහතා, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පෙරේදා (07) දින නිල වශයෙන් තානාපතිවරයා හමු වූ අවස්ථාවේදී ප්‍රකාශ කර ඇති බවට .නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

දීර්ඝ කාලයක් පුරා දෙරටේ පැවති සම්බන්ධතා ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලංකාවට තවදුරටත් සහයෝගය දක්වන බව එහිදී තානාපතිවරයා පැවසූ බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියි.

ශ්‍රී ලංකාව කිසිසේත්ම තනි නොකරමින් පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මෙරට මුදා ගෙන යථා තත්ත්වයට පත් කර ගැනීමට අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට චීන තානාපතිවරයා සාකච්ඡාව අතරතුර සහතික වූ බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.

Exit mobile version