Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ස්වභාෂා ප්‍රතිපත්තිය නිසා අපි මොට්ටයන් වුණා; බල කරලා හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබලා දෙන්න

ස්වභාෂා ප්‍රතිපත්තිය නිසා අපි මොට්ටයන් වුණා; බල කරලා හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබලා දෙන්න

ස්වභාෂා ප්‍රතිපත්තිය නිසා අපි මොට්ටයන් වුණා; බල කරලා හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබලා දෙන්න

බණ්ඩාරනායක මහත්තයාගේ ස්වභාෂා ප්‍රතිපත්තිය නිසා අපි මොට්ටයන් වුණා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

නැවතත් ඒ තත්ත්වය ඇතිවන්නට ඉඩ නොදිය යුතු බව කී වීරක්කොඩි මහතා දුප්පත් අහිංසක මිනිස්සුන්ට නැගී සිටින්න නම් ඔවුන්ට බල කරලා හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන්න දෙන්නැයිද එහෙම වුනොත් රටට අනාගතයක් තිබෙන බවද කීය.

“අපිට අභිමානයක් තිබෙනවා. සිංහල මිනිස්සු ලෙස සිංහල භාෂාව පිළිබඳව. ද්‍රවිඩ ජනතාවට ද්‍රවිඩ භාෂාව පිළිබඳව අභිමානයක් තියෙනවා. නමුත් ප්‍රායෝගිකව හිතන්න. මෙච්චර කල් රටට වු‍ණේ මොකක්ද? පළවෙනි කාරණය අපි මොට වුණා. අපේ පක්ෂයේ නායකයා වූ බණ්ඩාරණායක මහත්මයාගේ ස්වභාෂා ප්‍රතිපත්තිය නිසා”යනුවෙන්ද චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේය.

Exit mobile version