Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ලට රුපියල් මිලියන 30ක වන්දියක්

වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ලට රුපියල් මිලියන 30ක වන්දියක්

වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හේතුවෙන් ආබාධ සහිත දරුවකු බිහිකිරීම සම්බන්ධයෙන් අදාළ දැරියට රුපියල් මිලියන 30ක වන්දියක් ගෙවන ලෙසට අධිකරණය නියෝග කළා.

2012 වසරේ මැයි මස 14 වනදා තමන් ගම්පහ දිස්ත්‍රික් රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළු වී බවයි මව සදහන් කරන්නේ. ඒ දරුවකු බිහිකිරීම සදහායි. ඒ අනුව තමන්ට අධික වේදනාවක් දැනුනු බැවින් ඒ බව වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයට දැන් වූ බව නඩු විභාගයේදී හෙළි වුණා.

පෙකනිවැල දරුවාගේ ගෙලෙහි එතී තිබුනද ඒ පිළිබද පරික්ෂා කිරීමට හෝ නිසි පියවර ගැනීමට අදාළ කාර්ය මණ්ඩලය ක්‍රියා කර නැති බව ඇය පවසනවා. මෙවැනි තත්ත්වයක් යටතේ තමන් ප්‍රසූත කළ දරුවාට කතා කිරීමට අතපය සෙලවීමට හා ඇවිදීමට නොහැකි තත්ත්වයත් මතු වූ බවයි මව සිය චෝදනාවෙන් සදහන් කරන්නේ.

කොළඹ දිසා අධිකරණය පැවැත් වූ මෙම නඩු විභාගයේදී අදාළ දැරියට රුපියල් මිලියන 30 ක වන්දියක් ගෙවන ලෙස නියෝග කෙරුණා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි මෙම තීන්දුව ලබාදී තිබෙන්නේ.

Exit mobile version