Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මිනිස් ආහාරයට නුසුදුසු අයුරින් ඇෆ්ලටොක්සින් අඩංගු පෝෂ නිෂ්පාදනය කළ සමාගම් ත්‍රිත්වයකට සිතාසි

අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ කඩිනමින් නිශ්කාෂණය කරන්නැයි චක්‍රලේඛයක්

අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ කඩිනමින් නිශ්කාෂණය කරන්නැයි චක්‍රලේඛයක්

මිනිස් ආහාරයට නුසුදුසු අයුරින් නියමිත ප්‍රමාණය ඉක්මවා ඇෆ්ලටොක්සින් අඩංගු සමපෝෂ, යහපෝෂ හා ලක්පෝෂ දරුවන් සදහා නිෂ්පාදනය කිරීම හා බෙදාහැරීම සම්බන්ධයෙන් ලබන නොවැම්බර් මස 18වන දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මන්ජුල රත්නායක මහතා මෙරට ප්‍රධාන පෙළේ සමාගම් ත්‍රිත්වයකට හා එහි අධ්‍යක්ෂකවරුන් හය දෙනකුට (21)සිතාසි නිකුත් කළේය.

විත්තිකාර සමාගම් සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිෂ්පාදනය කර බෙදාහරිනු ලැබූ එම “පෝෂ’ නිෂ්පාදනවල තිබිය යුතු අවම මට්ටමට වඩා ඇෆ්ලටොක්සීන් අඩංගුව ඇතැයි රස පරීක්ෂක වාර්තා මගින් අනාවරණය වී ඇතැයි සඳහන් කරමින් ගොතටුව වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක පී. ඒ. එස් කසුන් මහතා කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මහේස්ත්‍රාත්වරයා මෙලෙස සිතාසි නිකුත් කළේය.

නියමිත ප්‍රමාණය ඉක්ම වූ ඇෆ්ලටොක්සින් අඩංගු වයස අවුරුදු 3 දක්වා දරැවන් සදහා නුසුදුසු තත්ත්වයෙන් බාල සමපෝෂ, යහපෝෂ හා ලක්පෝෂ නිශ්පාදනය කිරීම හා බෙදාහැරීම සම්බන්ධයෙන් 1991 අංක 20 දරණ ආහාර සංශෝධන පනත යටතේ ගොතටුව වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉහත සමාගම් තුළට සහ එහි අධ්‍යක්ෂක මණ්ඩලයට නඩු තුනක් අධිකරණය හමුවේ ගොනු කර ඇත.

Exit mobile version