Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආණ්ඩුවේ අමාත්‍යධූර හා රාජ්‍ය අමාත්‍යධූර ලබාගත් නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තනතුරුවලින් ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විජයදාස

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විජයදාස

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයට එරෙහිව යමින් ආණ්ඩුවේ අමාත්‍යධූර හා රාජ්‍ය අමාත්‍යධූර ලබාගත් එම මන්ත්‍රීවරුන් පක්‍ෂය තුල දැරූ තනතුරුවලින් ඉවත්කිරීමට පක්‍ෂය තීරණය කර ඇතැයි එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ලංකාදීපයට පැවසීය.

ඒ අනුව ආණ්ඩුවේ තනතුරු ලබාගත් හය දෙනෙකු පක්‍ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කරන බව ඔවුන් වෙත ලිපි මගින් දැනුම්දීමට පක්‍ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇති බවද මහලේකම්වරයා සඳහන් කළේය.

ඒ අනුව ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යධූර ලබාගත්, පක්‍ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, උප ලේකම්වරුන් වන රංජිත් සියඹලාපිටිය සහ චාමර සම්පත් දසනායක, උප ලේකම්වරයකු වන ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරු සියලු තනතුරු අහෝසි වන බව දයාසිරි ජයසේකර මහතා කීවේය.

ඔවුන්ට එරෙහිව ගත් පළමු තීන්දුව ලෙස මෙම පියවර ගත් බවත්, ඔවුනගේ පක්‍ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.

ආණ්ඩුවේ තනතුරු ලබාගත් රාජ්‍ය අමාත්‍යවරුන් වන ශාන්ත බණ්ඩාර සහ සුරේන් රාඝවන් යන මහත්වරුන්ද පක්‍ෂයේ දැරූ තනතුරුවලින් මීට පෙර ඉවත් කෙරුණු බව මහලේකම්වරයා පැවසීය.

Exit mobile version