Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කානුවකට වැටී සිසුවෙක් මියගියේ කුරුණෑගල මහනගර සභා නිලධාරීන්ගේ නොසැලකිල්ලෙන්

මහජන ආරක්ෂක ඇමති මානව හිමිකම් කොමිසම හමුවට

මහජන ආරක්ෂක ඇමති මානව හිමිකම් කොමිසම හමුවට

පාසල නිමවා නිවසට යමින් සිටි කුරුණෑගල සිසුවා ජලයෙන් පිරීගිය කානුවකට වැටී දියපහරකට ගසා ගොස් මිය ගොස් ඇත්තේ කුරුණෑගල මහනගර සභාවේ නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට නිරීක්ෂණය වී තිබෙනවා.

අධික වර්ෂාව මධ්‍යයේ පාසල ඇරී නිවස බලා යමින් සිටි 14 හැවිරිදි සජිත සහස් ගුණරත්න සිසුවා මාර්ග ආසන්නයේ පිහිටි ජලය පිරුණු අනාරක්ෂිත ඇල මාර්ගයකට ඇද වැටුනේ පසුගිය 5 වනදායි. ජල පහරට හසුව ගසාගෙන ගොස් බෝක්කුවක සිර වී සිටි සිසුවා පැය 4ක මෙහෙයුමකින් පසු ගොඩට ගෙන රෝහල් ගත කෙරුනද ඒ වන විටත් ඔහු ජීවිතයෙන් සමුගෙන තිබුණා.

කුරුණෑගල නගර මධ්‍යයේ මෙවැනි අනාරක්ෂිත කානු පිහිටා තිබීම පිළිබද බොහෝ දෙනාගේ චෝදනාවට ලක් වුණා. සිද්ධියට අදාළව මානව හිමිකම් කොමිසම පරික්ෂණයක් සිදු කළා.

කුරුණෑගල පොලීසිය, මහනගර සභාව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කොමිසම හමුවට කැදවා තිබුණා.

එහිදී නිරීක්ෂණය වී ඇත්තේ කුරුණෑගල මහනගර සභාවේ නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

Exit mobile version