Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ඩොලර් කෝටි 10ක් කඩිනමින් – කැබිනට් අනුමැතිය

ඖෂධ මිල 20%කට වැඩි ප්‍රතිශතයකින් ඉහළට

ඖෂධ මිල 20%කට වැඩි ප්‍රතිශතයකින් ඉහළට

සෞඛ්‍ය අමාත්‍යාංශයට අත්‍යාවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ මිලදීගැනීම සඳහා වෙනත් ව්‍යාපෘති දෙකකට ලැබී ඇති ඇමෙරිකානු ඩොලර් කෝටි 10ක මුදලක් කඩිනමින් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව වැඩබලන කැබිනට් ප්‍රකාශක, කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අරමුදල් යටතේ ක්‍රියාත්මක කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහයවීමේ ව්‍යාපෘතිය සඳහා ලැබුණු ඇමෙරිකානු ඩොලර් කෝටි 7ක හා ආපදා අවමකිරීමේ ව්‍යාපෘතිය වෙත ලැබුණු ඩොලර් කෝටි 3ක් මේ සඳහා යොදාගැනීමට නියමිතය.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවද රමේෂ් පතිරණ මහතා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න යන මහත්වරුද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

Exit mobile version