Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

99.99%ක මරණ අනුපාතයක් සහිත වැලි මැක්කාගෙන් පැතිරෙන මාරාන්තික රෝගයක් ගැන අනතුරු ඇගවීමක්

99.99%ක මරණ අනුපාතයක් සහිත වැලි මැක්කාගෙන් පැතිරෙන මාරාන්තික රෝගයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇගවීමක්

99.99%ක මරණ අනුපාතයක් සහිත වැලි මැක්කාගෙන් පැතිරෙන මාරාන්තික රෝගයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇගවීමක්

මැලේරියාවෙන් පසුව පරපෝෂිතයන් මගින් බහුලවම පැතිරෙන රෝගය වන්නේ විසරල් ලිෂ්මෙනායසිස් (Visceral leishmaniasis) වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලොව පුරා සෑම වසරක මේ රෝගය හේතුවෙන් 25,000ත් – 30,000ත් අතර සංඛ්‍යාවක් මියයන බවත් එහි මරණ අනුපාතය සියයට 99.99ක් පමණ බවත් සංඛ්‍යා දත්ත සඳහන් කර ඇත.

එම රෝගය 2021 වර්ෂයේදී පමණක් රටවල් 10කින් සමස්ත රෝගීන්ගෙන් සියයට 90කට වඩා හමු වූ බවත් ඒ අතර ලංකාවට සමීපම රට වන ඉන්දියාව හා අග්නිදිග ආසියාතික රටවල තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කර තිබෙන දත්ත වාර්තා තුළින් පැහැදිලි කර තිබේ.

විසරල් ලිෂ්මෙනායසිස් රෝගයේ වාහකයන් වන්නේ මිලිමීටර් 3ක දිගකින් හා මිලිමීටර් 2-3 පමණ විෂ්කම්භයකින් සමන්විත ෆ්ලෙබොටොමින් (Phlebotomine) කුලයට අයත් වැලි මැක්කන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.

දුප්පත්කම, දුර්වල සනීපාරක්ෂක තත්ත්වයන්, මන්දපෝෂණ තත්ත්ව, නාගරීකරණයේ වෙනස්වීම් හා වනාන්තර ප්‍රදේශවලට මිනිස් ආක්‍රමණය හේතුවෙන් ලිෂ්මෙනායසිස් රෝගයේ අවදානම වැඩි කරන බවත් එම දත්ත සටහනේ වැඩිදුරටත් දක්වා තිබේ.

Exit mobile version