Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්ධන මිල රුපියල් 50 කින් අඩු කළ හැකියි – හර්ෂ ද සිල්වා

රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය හර්ෂ ද සිල්වාට

රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය හර්ෂ ද සිල්වාට

ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වූයේ නම් ලෝක වෙළඳපොලේ පවතින මිල ගනන් වලට අනුව ඉන්ධන ලීටරයක මිල රුපියල් 50කින් පමණ අඩු කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ජනතාව දැඩි අසීරු තත්ත්වයක සිටින අවස්ථාවකදී මෙම ඉන්ධන සහනය ජනතාවට ලබාදීමට හැකිව තිබෙන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ඉන්ධන මිල සූත්‍රය අනුව කටයුතු කරන බවට ආණ්ඩුව පැවැසුවත් බදු ගෙවූ පසු ඉන්ධන ලීටරයකින් රුපියල් 50ක පමණ ලාභයක් මේ වනවිට ආණ්ඩුවට හිමිවන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මිල සූත්‍රය සම්බන්ධයෙන් නෛතික තත්වයක් නොමැති නිසා ආණ්ඩුවට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක විය හැකි බවත් මන්ත්‍රීවරයා තවදුරටත් කීවේය.

Exit mobile version